-
2016 සිට විද්‍යලයේ ශිෂ්‍ය/ශිෂ්‍යාවන් වෙනුවෙන් බල පැවැත්වෙන නීතිරීති මාලාව
- දිනපතා පසලට පැමිණිය යුතුයි.
- පෙ.ව 7.15 වනවිට පාසලට පැමිණිම අත්‍යවශ්‍ය වේ.
- දිනපතා තම පන්ති කාමර පවිත්‍ර කිරීම කළ යුතුය.
- තමාට පැවරී ඇති දිනවල වැසිකිළි හා කැසිකිළි පවිත්‍ර කිරීම කළ යුතුය.
- පිරිමි ළමුන් කමිස සාක්කුවේ නි ලාංඡනය ස්ථාවරව මසා තිබිය යුතුය.
- කමිසය කලිසමට යට කර ඇදිය යුතු අතර එඅය එල්ලෙන පරිදි නොඇදිය යුතුය.
- පාසලට ගැළපෙන පරිදි කොන්ඩය කපා පැත්තට පීරා තිබිය යුතුය.
- අනවසරයෙන් පන්තියෙන් බැහැර නොවිය යුතුය.
- අදාල කාලච්ඡේදය පුරාම පන්ති කාමරයේ රැදි සිටිය යුතුය.
- සියලුම වාර පරික්ෂණ හා ඇගැයීම් සදහා අනිවාර්යෙන් ම සහභාගී විය යුතුය.
- උදෑසන ආහාරය පන්ති කලයට පෙර අනුභව කළ යුතු අතර ආපන ශාලාවට යා යුත්තේ විවේක කාලයේදී පමණි.
- පාසලට පැමිණෙන නවක සිසුන් ආදරයෙන් පිළිගත යුතු අතර ඔවුනට කරදර ශාලාවට කරදර නොවන ලෙස ජිවත්විය යුතුය.
- විෂයභාර ගුරුභවතුන් දෙන් ආභ්‍යාස නිසි පරිදි කිරීම.
- විද්‍යාලය ආරම්භයේ පැවැත්වෙන ආගමික රැස්විම් වලට අනිවාර්යෙන් ම සහභාගි විය යුතුය.
- රැස්වීම් වලදි විනිතව හැසිරිය යුතුය.
- ඔබ අන් අයට ආදර්ශවත් ලෙස හැසිරිය යුතුය.
- අශෝභන ලෙස කතා කිරීමෙන් වැළකිය යුතුය.
- ගුරුභවතුන් ඉදිරියේ සීරුවෙන් සිට ගෙන සංවරව කත කළ යුතුය.
- ගුරු භවතුන්ට නම්‍යශීලිව ක්‍රිය කළ යුතුය.
- ඔබේ පන්තියට රැස්වීම් පැවැත්වීමට නියම වූ දිනයේ එය සංවිධානාත්මකව කළයුතුය.
- පුස්තකාල කාලච්ඡේදයේදී අනිවාර්යෙන් ම එහි ගොස් පොත්පත් පරිශීලනය කළ යුතුය.
- උසස් පෙල කේවල සහ කණ්ඩායම් ව්‍යාපෘති නිසිකලට නිමා කළ යුතුය.
- පාසලට ආහාර ගෙන එන විට කෑම පෙට්ටියකට පමණක් ගෙන ආයුතුය.
- පොලෙතීන් ෂොපින් බෑග් ආදිය පාසලට ගෙන ඒමෙන් වැලකි සිටිය යුතුය.
- පාසල අවසන් වූ පසු විනීතව පේළියට පාසලෙන් පිට වී යා යුතුය.
- ඔබ යම් හෙයකින් පාසල් නොපැමිණිය හොත් ඔබගේ ශිෂ්‍ය වාර්තා පොතේ ඵ බව දෙමපියන්ගේ හෝ භාරකරුගේ අත්සන් සහිතව පන්ති භාර ගුරුභවතා දැනුවත් කල යුතුය.
- ශිෂ්‍ය වර්තාපොත දිනපතා පසලට ගෙන ආ යුතුය.
- පාසල් ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක කිසි අවස්තථාවක පාසල් නිළ ඇදුමෙන් තොරව පාසලට පැමිණීම නොකල යුතුය.
- පාසල් භුමියේ ශාකවලට කිසි හනියක් නොකල යුතුය.
- පාසලේ ඇති භෞතික සම්පත්වලට හානි නොකල යුතුය.
- පාසල් කාලය තුල දී පාසල් භුමියෙන් පිටත සිටින පරිභාහිර පුද්ගලයන් සමග සම්බන්දතා පැවත්විම නොකල යුතුය.
- පාසල් සංවර්ධන සමිතිවලට අනිවාර්යයෙන්ම දෙමාපියන් සහභාගී කරවිය යුතුය.
- වැඩිහිටි ශිෂ්‍යයන් රැවුල බා කොණ්ඩය ශිෂ්‍ය භාවයට ගැලපෙන පරිදි සකස් කරගෙන පාසලට පැමිණිය යුතුය.
- පන්ති කව සදහා දෙමාපියන් අනිවාර්යෙන් ම සහභාගිකර විය යුතුය.
- අවසරයක් නොමැතිව ක්‍රීඩා පිටියේ රැදී සිටීමෙන් වලකින්න.
- පිරිමි ළමුන්ගේ දිගු කලිසමෙහි පතුල (බොටමය) වට ප්‍රමාණය අගල් 15ක් වීම අනිවාර්ය වේ.
- ගැහුණු ළමුන් දණ හිසේ සිට අගල් 02ක් පහළට ගවුම දික්ව තිබිය යුතුයි.
- පාසලට ගැලපෙන පාවහන් හා මේස් පමණක් පැළදිය යුතුයි.( බෝට්ටු වැනි සපත්තු පැළදීම තහනම් වේ.)
- පාසල් වේලාවෙ පාසලෙන් පිටත පිටා තිබෙන වෙළදසැල් කරා යාම නොකල යුතුයි.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි