වර්ෂ 1984.10.01 දින නැගෙනහිර පළාතේ, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ ජයරාජ වැව් පාමුල මනරම් බිම් පියසක ත්‍රී/කන්තලේ මධ්‍ය මහා විද්‍යාලය ජන්ම ලාභය ලබා ඇත. එදින පාසලට ඇතුළත් වූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 90කි.
අප පාසලේ ආරම්භක විදුහල්පති ඩබ්ලිව්. ඩී. ටී. රාජපක්ෂ මහතාය. විද්‍යාලයේ ආරම්භක ගොඩනැගිලි සංඛ්‍යාව 3 කි. අ.පො.ස. (උසස් පෙළ) කලා විෂය ධාරාව සඳහා වර්ෂ 1985.09.30 දින සිසුන් ඇතුලත් කර ගෙන ඇත.
අද වන විට එනම් වසර 38 ක් ගත වන විට අප පාසල සුවිසල් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත් වී ඇත. ප්‍රදේශයේ කීර්තිමත් පාසලකි. වසර තිස් හතක් පුරාවට විදුහල්පතිවරුන් 7දෙනෙක් යාත්‍රා කර වූ මෙම විද්‍යාලයේ වත්මන් විදුහල්පති අයි.ආර්.ඡී.එස්.ලක්ප්‍රිය බංඩාර මහතාය. වර්තමානයේ මානව සම්පත් මෙන්ම භෞතික සම්පතින්ද ලබා ඇති පොහොසත්කම කෙතරම්ද යත් ශිෂ්‍ය සංඛ්‍යාව 1285 ක් වන අතර ගුරු සංඛ්‍යාව 50කි. ගොඩනැගිලි 12කි. අ.පො.ස (උසස් පෙළ) කලා, වාණිජ, තාක්ෂණ විෂය ධාරා යටතේ අධ්‍යයනය කටයුතු සිදුවේ.
එසේම ක්‍රීඩා, සෞන්දර්ය, භාෂා, ගණිත, විද්‍යා ආදී විවිධ තරග වලින් විශාල ඡයග්‍රහණ ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට අප දරුවන් සමත් වී ඇති අතර එම ඡයග්‍රහණ අතර සමස්ථ ලංකා මට්ටමේ ඡයග්‍රහණ ද වෙයි.
එමෙන්ම අ.පො.ස (උසස් පෙළ) අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාග ප්‍රතිපලවලින් ඉහළින් වැජඹෙන අප විදුහල් මාතාව 2021 වසරේ කලාපයේ ඉහළම ප්‍රතිඵල 88% ප්‍රතිශතය වාර්තා කරයි. සෑම වසරකම උසස් පෙළ විවිධ විෂය ධාරාවන් ඔස්සේ අප සිසුන් විශ්වවිද්‍යාල වරම් ලබා අප විදු මෑණියගේ අභිමානය විදහා පෑමට සමත් වීම වර්තමානයේ අප ලැබූ සුවිශාලම ජයග්‍රහණයකි.
ආරම්භ කළ වර්ෂය |
1984 ඔක්තෝම්බර් 10 |
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
03 |
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
105 |
මුල් ගුරුතුමාගේ නම |
W.D.T. රාජපක්ෂ |
පාසලේ ආදි කතෘගේ නම |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
03 |
පාසලේ නම |
කන්තලේ මධ්‍ය මහා විද්‍යාලය |
පාසල භාරව කටයුතු කිරීම |
|
පාසල රජයට පවරාගත් දිනය |
1984 ඔක්තෝම්බර් 01 |
පාසල පැවැත්වූ ස්ථානය |
ජයරාජ වැව් පාමුල |
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |